International


Visit SurferToday.com for the complete article.
https://www.surfertoday.com/surfing/how-to-install-soft-roof-racks-and-strap-surfboards-to-a-car

Visit SurferToday.com for the complete article.
https://www.surfertoday.com/surfing/how-to-install-soft-roof-racks-and-strap-surfboards-to-a-car

කොරෝනා වෛරසය ගොදුරු වූ ඇන්ජලෝ මැතිව්ස් ලබන 08 වැනිදා (සිකුරාදා) ගාල්ලේදී ආරම්භ වන දෙවැනි ටෙස්ට් තරග සඳහා සහභාගිවීමට සූදානමින් සිටියි. වෝන් – මුරලි කුසලාන තරගාවලිය වෙනුවෙන් පැවැත්වෙන මෙම ටෙස්ට් තරගය සඳහා වෛද්‍ය කමිටුවේ අවසරය මැතිව්ස්ට ලබා දී තිබේ.
පළමු ටෙස්ට් තරගය අතරතුරදී මැතීව්ස්ට කොරෝනා වෛරසය ආසාධනය වූ බැවින් දෙවැනි ඉනිමේදී පන්දුවට පහර දීමට නොහැකිවිය. එම අවස්ථාව ඔෂධ ප්‍රනාන්දුට හිමි වුවත් ඔහුට රැස් කරගත හැකි වූයේ ලකුණු 12 ක් පමණි.
ඒ අනුව ඇන්ජලෝ මැතිව්ස් අද (05 වැනිදා) දිනයේදී යළිත් කණ්ඩායමට සමඟ එක්ව සිටින අතර ඉදිරියේ පැවැත්වීමට නියමිත පුහුණුවීම් සඳහාද සහභාගිවීමට නියමිතය. ඇන්ජලෝට අමතරව සංචිතයේ සිටි ප්‍රවීන් ජයවික්‍රමටද කොරෝනා වෛරසය ආසාධනය වීම නිසා දෙවැනි ටෙස්ට් තරගය සඳහා වන තේරීම් සඳහා සලකා නොබැලෙනු ඇත. කෙසේ වෙතත් දුනිත් වෙල්ලාලගේ, මහීෂ් තීක්ෂණ සහ ලක්ෂිත මානසිංහවද කණ්ඩායමට එක් කිරීමට තේරීම් වලදී පියවර ගෙන තිබේ.
The post මැතිව්ස්ට සුවයි – යළි කණ්ඩායමට appeared first on Sri Lanka Cricket.
https://srilankacricket.lk/2022/07/%e0%b6%b8%e0%b7%90%e0%b6%ad%e0%b7%92%e0%b7%80%e0%b7%8a%e0%b7%83%e0%b7%8a%e0%b6%a7-%e0%b7%83%e0%b7%94%e0%b7%80%e0%b6%ba%e0%b7%92-%e0%b6%ba%e0%b7%85%e0%b7%92-%e0%b6%9a%e0%b6%ab%e0%b7%8a%e0%b6%a9/

This a Stab Premium feature. We’ve got steaks on the grill. Subscribe now to join the party.
The post Does Being An Exceptional Surfer Help You Become An Exceptional Shaper? appeared first on Stab Mag.
https://stabmag.com/premium/do-you-have-to-be-an-exceptional-surfer-to-be-an-exceptional-shaper/

ඔස්ට්‍රේලියාවට එරෙහිව ජූලි 08 වැනිදා ආරම්භ වීමට දෙවැනි ටෙස්ට් තරගය සදහා වමත් දඟ පන්දු යවන ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේව ශ්‍රී ලංකා කණ්ඩායමට එක් කිරීමට තේරීම් කමිටුව පියවර ගෙන තිබේ. දුනිත්ට මතරව මහීෂ් තීක්ෂණ සහ ලක්ෂිත මානසිංහ ද ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතයට එක් කර තිබේ.
අලුතින් එක් කරන ලද මෙම ක්‍රීඩකයින් තිදෙනාම තවමත් ටෙස්ට් වරම් ලබා නොමැති වුවත් දුනිත් සහ මහීෂ් සුදු පන්දුව භාවිතයෙන් කෙරෙන තරගවලදී ශ්‍රී ලංකාව නියෝජනය කර තිබේ. ජාත්‍යන්තර වරම් ලබා නොමැති එකම ක්‍රීඩකයා වන්නේ ලක්ෂිත මානසිංහය.
ඉකුත් මසදී ඔස්ට්‍රේලියානු ‘ඒ’ පිල සමඟ පැවැති තරග 2 දී කඩුලු 13 ක් දවා ගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වීමට මානසිංහ සමත්වීමත් සමඟ ඔහුට ජාතික ටෙස්ට් කණ්ඩායමට පැමිණීම සඳහා දොරගුලු විවර වී තිබේ. ගෙවී ගිව වසරකට ආසන්න කාලයේදී එක්දින සහ විස්සයි-20 කණ්ඩායම් නියෝජනය කිරීමට මහීෂ් වරම් ලැබුවද ඔහු තවමත් පළමු පෙළ ක්‍රීඩා කර ඇත්තේ තරග 3 කට පමණි.
19 හැවිරිද වෙල්ලාලගේ ඉකුත්දා ඔස්ට්‍රේලියාවට එරෙහිව පැවැති එක්දින තරගාවලියේ තරග 5 දී කඩුලු 11 ක් දවා ලමින් එම තරගාවලියේ වැඩිම කඩුලු ලාභියා බවට පත්වූවේය. එමෙන්ම ඔස්ට්‍රේලියාවට එරෙහි ටෙස්ට් තරගාවලිය සඳහා නම් කරන ලද ටෙස්ට් සංචිතයේ ඔහු අතිරේක ක්‍රීඩකයින්ගේ ලැයිස්තුවට එක් කළ තිබූ බැවින් ඔහු මේ දිනවල පැවැත්වෙන අන්තර් සමාජ ප්‍රධානතම එක්දින තරගාවලිය නියෝජනය කළේය. සෙබස්තියනයිට්ස් පිලට එරෙහිව පැවැති තරගයේදී ඔහු ලකුණු 21 කට කඩුලු 5 ක් දවා ලමින් කෝල්ට්ස් කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන යෑමට සමත්වූවේය.
මූලික ටෙස්ට් සංචිතයට ඇතුළත් කරන ලද ප්‍රවීන් ජයවික්‍රමට කොවිඩ් වෛරසය ආසාධනය වීම නිසා ඔහු දින 5 ක කාලයක් නීරෝධායනයට ලක් කර තිබේ. එබැවින් දෙවැනි ටෙස්ට් තරගය සඳහා වන තේරීම් වලට ඔහුගේ සහාය ලබා ගැනීමට තේරීම් කමිටුවට අවස්ථාව අහිමිව තිබේ. ඊට අමතරව පළමු ටෙස්ට් තරගයට ක්‍රීඩා කළ වමත් දඟ පන්දු යවන ලසිත් ඇඹුල්දෙනියටද පන්දු යවන්නකු ලෙස සාර්ථක රිද්මයක් පවත්වාගෙන යෑමට නොහැකිවීම නිසා ඔහුව සංචිතයෙන් නිදහස් කර තිබේ.
දඟ පන්දු යවන්නන්ට පාරාදීසයක් බඳු ගාල්ල තණතීරුවේදී ඇඹුල්දෙණියට එකම කඩුල්ලක් හෝ දවා ගැනීමට නොහැකිවීම කැපී පෙනිණ. මොවුන් දෙදෙනාම දෙවැනි ටෙස්ට් තරගය සඳහා වන තේරීම් වලදී සලකා නොබලන බැවින් දෙවැනි ටෙස්ට් තරගයේදී බොහෝ දුරට දුනිත් වෙල්ලාලගේට ටෙස්ට් වරම් හිමිවීමට වැඩි ඉඩ කඩක් නිර්මාණය වී තිබේ.
The post දුනිත් වෙල්ලාලගේ ටෙස්ට් දොරටුව අභියස! appeared first on Sri Lanka Cricket.
https://srilankacricket.lk/2022/07/%e0%b6%af%e0%b7%94%e0%b6%b1%e0%b7%92%e0%b6%ad%e0%b7%8a-%e0%b7%80%e0%b7%99%e0%b6%bd%e0%b7%8a%e0%b6%bd%e0%b7%8f%e0%b6%bd%e0%b6%9c%e0%b7%9a-%e0%b6%a7%e0%b7%99%e0%b7%83%e0%b7%8a%e0%b6%a7%e0%b7%8a/
